කලු ජාතිකයන්ට හා අනෙකුත් සුළු ජාතීන්ට පොලීසිය සිදු කරන අපරාධවලට විරෝධය පළ කරමින් පැරිස් නුවර උද්ඝෝෂණ ආරම්භ කර තිබෙනවා.
උද්ඝෝෂකයන් දහස් ගණනක් මෙම විරෝධතා සඳහා සහභාගි වී සිටින අයුරු ප්‍රංශ මාධ්‍ය වාර්තා කර සිටියා. පසුගිය මාසයේ ඇමෙරිකා පොලිස් අත්අඩංගුවේ සිටි නිරායුද කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරීමත් සමගයි ජාතිවාදයට එරෙහි විරෝධතා ලොව පුරා ආරම්භ වුණේ. මේ වන විට සුළු ජාතීන්ට පොලීසිය සිදු කරන පහර දීම් හා ඝාතන සම්බන්ධයෙන් ලොව පුරා කතාබහට ලක්ව තිබෙනවා. මේ අතර බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ද අඛණ්ඩව 4 වන සතියටත් ජාතිවාදයට විරුද්ධ උද්ඝෝෂණ ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ. බ්‍රිතාන්‍යයේ ද දහස් ගණන් ජනතාව උද්ඝෝෂණවලට සහභාගි වී සිටි අයුරු මාධ්‍ය වාර්තා කර තිබුණා.