රටත් , ජාතියත් , අනාගත පරපුරත් වෙනුවෙන් සිදු කළ 50 ක විප්ලවයක්. මේ සටහන අවසානයක් කිව නොහැකි නොනිමි විප්ලවයක් ගැනයි.
විප්ලව , විප්ලවකාරයන් ගැන අපි හොඳට අහලා තියෙනවා. සමහර විප්ලවකාරයන්ව දැකලත් තියෙනවා. හැබැයි විප්ලවකාරයෙකු විදිහට දේශපාලන ගමනක් අරඹලා විප්ලවකාරයෙකු විදිහටම දේශපාලන පන්නරයක් ලබලා විප්ලවයන් තුළින්ම රටත් ජාතියත් රැකගත්ත විප්ලවකාරයන් ගැන අහලා දැකලා තියෙන්නේ නම් ඉතාමත්ම අඩුවෙන්. අපේ රටෙත් ඉන්නවා එහෙම විප්ලවකාරයෙක්. අදත් එක්ක බැලුවොත් අවුරුදු 50 ක විප්ලවකාරයෙක්.
අදට අවුරුදු 50කට කළින් ඒ කියන්නේ 1970 මැයි මාසේ 27 වනදා අද වගේ දවසක අන්න ඒ විප්ලවකාරයා එදා තිබ්බ පාර්ලිමේන්තු ඡන්දයෙන් මේ රටේ මන්ත්‍රීවරයෙකු වනවා. හැබැයි දැවැන්ත ලකුණකුත් තියාගෙන.ඒ එදා පාර්ලිමේන්තුවේ ලාබාලම මන්ත්‍රීවරයා විදිහට. දකුණේ ගිරුවාපත්තුවේ රාජපක්ෂ පරම්පරාවට 1945 නොවැම්බර් 18 වනදා තවත් පුත්‍රයෙකු ලැබෙනවා. උප්පැන්න සහතිකයේ නම ඉදිරියෙන් ෆර්සි මහේන්ද්‍ර රාජපක්ෂ නමින් නම ලියැවෙනවා. මේ ෆර්සි මහේන්ද්‍ර රාජපක්ෂ 1970 අද වගේ දවසක පාර්ලිමේන්තු ඡන්දයේ ප්‍රතිඵල කියද්දී මහින්ද රාජපක්ෂ නමින් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් සමඟි පෙරමුණ ආණ්ඩුවේ ලාබාලම මන්ත්‍රීවරයා වෙනවා. ඒ තාත්තා ඩී ඒ රාජපක්ෂ වූ නිසාම නෙවෙයි. පරම්පරාවම දේශප්‍රේමී දේශපාලනයක නියැලුණු අය නිසාම නෙවෙයි. ඒ පන්නරයත් එක්ක උපන් සැබෑ විප්ලවවාදියෙකු වෙච්ච මහින්ද රාජපක්ෂ නම් තරුණයාව ගිරුවාපත්තුව හඳුනා ගත් නිසාමයි.
බෙලිඅත්තේ දේශප්‍රේමී ජනතාවට අනාගතය ගැන යම් ඉගියක් දැනුණා වත් ද ? ගිරුවාපත්තුවේ බෙලිඅත්තෙන් තරුණ මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා තමන්ගේ මහජන නියෝජිතයා ලෙස පාර්ලිමේන්තුවට තෝරාපත්කර එව්වේ එය අනාගතයේ මේ රටේ සැබෑ විප්ලවයකට නායකත්වය දෙන විප්ලවීය නායකයා බව යම් හෝ ඉඟියක් දැනුණ නිසා වත් ද ? මහින්ද රාජපක්ෂ නම් මන්ත්‍රීවරයා අද වගේ දවසක මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වෙලා අදට අවුරුදු 50ක් පිරෙන දවස වෙනකං නිකම්ම නිකං මන්ත්‍රීවරයෙකු වුණා ද ? සැබවින්ම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විප්ලවවාදියෙකු වුණා ද ? තීරණය කරන්න කාටත් භාර දිය යුතු නැහැ. මොකද මේ විප්ලවවාදියා විසින්ම ඒ විප්ලවවාදියා කවුද යන වග දශක 5 ක විප්ලවිය ගමන තුළ රටට විතරක් නෙවෙයි ලෝකයටම කියලා දීලා තියෙන නිසා. අන්න ඒ නිසයි ගමනක ඇරඹුම ගැන අපි අද මේ ආරම්භයක් තියන්නේ. එය අවසන් කළ නොහැකි ආරම්භයක් කියලත් අපි දන්නවා. එහෙත් මේ සටහන තියන්නම ඕන. මොක ද තව පරම්පරා ගණනකට මේ විප්ලවවාදියා මහා වටිනාකමක් එක්කරලා තියෙන නිසා. මහින්ද හින්දා රටට ජාතියට අනාගත පරම්පරාවටම ලැබුණු දේ ගැන අපි අද ඉඳන් දිගින් දිගටම 50 විප්ලවයෙන් කියන්න සූදානම්.