ස්වාධීන රූපවාහිනි සේවක සුබ සාධක සංගමය සංවිධානය කළ ක්‍රිකට් තරගාවලිය පැලවත්ත බුද්ධදාස ක්රිඩාංගනයේදී පැවැත්වුණා.
එහි පිරිමි අංශයේ ක්‍රිකට් ශුරතාව දිනා ගැනිමට ස්වාධීන රූපවාහිනි වැඩසටහන් අංශය සමත් වුනා. ඒ ලක්හඩ ගුවන්විදුලි කණ්ඩායම පරාජයට පත් කරමින්. කාන්තා අංශයේ ශුරතාව හිමි කරගත්තේ ස්වාධීන රූපවාහිනි සේවයේ සියලු අංශ එක්ව පිහිටුවා ගත් සුපර් ගර්ල්ස් කණ්ඩායමයි. මෙහිදි කෝපිකඩේ සහ සිහිනි ටෙලිනාට්‍ය රංගන ශිල්පින්ගේ ප්‍රදර්ශනාත්මක ක්‍රිකට් තරගයක් ද පැවැත්වුණා. තරගෙය් වීරයා බවට පත් වුයේ තිලිණ තුෂාන්. චන්දික පියසිලි තරගාවලියේ විරයා ලෙස සම්මාන හිමි කර ගත්තා. කාන්තා අංශයේ හොදම පිතිකාරිණිය ලෙස සම්මාන හිමි කර ගත්තේ භද්‍රා නාරන්ගොඩ. දිස්නා හෙට්ටිආරච්චි හොදම පන්දු යවන්නිය ලෙස සම්මාන දිනා ගත්තා.
[ot-video type=”youtube” url=”https://youtu.be/x455V–Q2e0″]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2020/03/9.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2020/03/10.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2020/03/12.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2020/03/88010685_2852729851431943_8972202765996523520_o.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2020/03/8.jpg”]