පාකිස්තාන රජය ශ්‍රී ලාංකික සිසුන් දහසකට ශිෂ්‍යත්ව ලබා දීමට එකඟ වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවේ පාකිස්තාන මහකොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් මුහම්මද් සාද්ඛඨාත් මහතායි මෙම එකඟතාව පළ කළේ.
ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහකොමසාරිස්වරයා හා අග්‍රාමාත්‍යවරයා අතර හමුව සිදුවුණේ අරලියගහ මන්දිරයේදියි. මෙම පූර්ණ ශිෂ්‍යත්ව දහස සඳහා අයැදුම් කිරීම පිළිබඳ විස්තර ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහකොමසාරිස් කාර්යාල වෙබ් අඩවියෙන් ලබාගත හැකියි.
දෙරට අතර උසස් අධ්‍යාපන සහයෝගීතා වැඩසටහන යටතේයි මෙම ශිෂ්‍යත්ව පිරිනැමෙන්නේ. සාර්ක් රටවලින් ශ්‍රී ලංකාවේ දෙවන ප්‍රධානතම වෙළෙඳ සහකරු පාකිස්තානයයි.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2020/02/m.jpg”]