නයිජීරියාව ඇතුලු රටවල් 6 කින් පැමිණෙන සංක්රමණිකයන් දැඩි ලෙස සීමා කිරීමට ඇමරිකාව තීරණය කර තිබෙවනා.
ඒ අනුව එරිත්රියාව, සුඩානය, ටැන්සානියාව, කිරිගිස්ථානය සහ මියන්මාර පුරවැසියන්ට වීසා බලපත්ර ලබාදීම අවහිර කර ඇති බවයි විදෙස් වාර්තා ප්රකාශ කළේ. ඇමරිකාවේ ආරක්ෂාව සහ තොරතුරු හුවමාරු කරගැනීමේ ප්රමිතීන් ආරක්ෂා කිරිමට නොහැකිවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ඇමරිකා බලධාරීන් සඳහන් කළේ.