ප්රධාන පෙළේ අපරාධකල්ලි සාමාජිකයෙකු බව කියන මාඹුලගේ දිනෙත් මෙලාන් මාඹුල නොහොත් ඌරු ජුවා යන අයගේ සමීප ඥාතියෙකු හෙරොයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු හංවැල්ල, රනාල, නවගමුව ආදී ප්රදේශවල පුද්ගල සේවා සැපයුම් ආයතන සහ ප්රවාහන ඒජන්සි වෙත බලහත්කාරකම් පාමින් ඌරු ජුවා යන අයට කප්පම් මුදල් ලබා ගන්නා බවටද ප්රශ්න කිරීම්වලදී හෙළිව තිබෙනවා.
විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර පරික්ෂණ සදහා නවගමුව පොලිසියට භාර දී තිබෙනවා.
ඌරු ජුවා යන අය මේ වන විට සිටිනුයේ බන්ධනාගාරගතවයි.