මෙවර ඔස්කා සම්මාන උළෙලේ නිර්දේශිත නාමලේඛනය නිවේදනය කර තිබෙනවා.
සම්මාන 10ක් සදහා නිර්දේශ වෙමින් ජෝකර් චිත්රපටය එම ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටිනවා. හොදම චිත්රපටිය, හොදම අධ්යක්ෂවරයා, හොදම නලුවා ඇතුලු සම්මාන 11 ක් සදහා එම චිත්රපටිය නිර්දේශවී ඇති බවයි සංවිධායක මණ්ඩලය සදහන් කළේ.
2019 වර්ෂයේ අගෝස්තු මාසයේදී තිරගත කෙරුණු ජෝකර් චිත්රපටිය, ටොඩ් ෆිලිප්ස් ගේ අධ්යක්ෂණයක්. වන්ස් අ පෝනර් ටයිම් , ඉන් හොලිවුඩ් , දි අයිරිෂ් මෑන් සහ නයිටීන් සෙවන්ටීන් යන චිත්රපට පිලිවෙලින් දෙවන , තුන්වන සහ හතරවන ස්ථාන සදහා නිර්දේශවී තිබෙනවා.