ලබන වසර සදහා නිල ඇදුම් වෙනුවෙන් වවුචර්පත් හෝ නිල ඇදුම් රෙදි ලබාදීම පිළිබද අවසන් තීරණය හෙට (27) රැස්වෙන කැබිනට් මණ්ඩලයේදී ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව ලබන පාසල් වාරය ආරම්භයේදීම පාසල් නිල ඇදුම් ලබාදීමට පියවර ගන්නා බවයි අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කරන්නේ.
2019 පාසල් වාරය තව දින තුනකින් අවසන්වීමට නියමිතයි. එහෙත් 2020 වසර වෙනුවෙන් නිල ඇදුම් මෙතෙක් පාසල් සිසුන්ට ලබාදී නැහැ. නිල ඇදුම් රෙදි වෙනුවට වව්චර්පත් ලබාදීමට පසුගිය රජය කටයුතු කළා. ඒ හේතුවෙන් වැඩි පිරිවැයක් දැරීමට සිදුව ඇති බවට ජනාධිපති කොමිසම වෙත පැමිණිලි ඉදිරිපත්වුවද ඒ සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ.
හෙට (27) දිනයේ රැස්වන කැබිනට් මණ්ඩලය දැනුවත් කර අවසන් තීරණයක් ගැනීමට නියමිතයි. 2020 වසර සදහා නිල ඇදුම් ලබාදීම නව පාසල් වාරය ආරම්භයේදීම සිදු කරන බවයි අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසන්නේ.