මාස 05ක කාලයක් දේශපාලන අර්බුදවලින් පසුව හොංකොං රාජ්‍යයේ අද මැතිවරණයක් පැවැත්වුණා.
නගරයේ දිස්ත්‍රික්ක කවුන්සිලයට නියෝජිතයින් 479 දෙනෙකු පත් කර ගැනිම සඳහා මෙම මෙම මැතිවරණය පැවැත්වෙනවා. මැතිවරණ පිළිබඳව එරට ප්රජාතන්ත්රවාදී විරෝධතාකරුවන්ද දක්වන්නේ දැඩි උනන්දුවක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. හොංකොංහි ප්රජාතන්ත්රවාදී විරෝධතාකරුවන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම මැතිවරණය කඩාකප්පල් නොකරන ලෙසයි. හොංකොං බලධාරින් සඳහන් කළේ ඡන්ද මධ්‍යස්ථානවල එවැනි කලබලකාරී තත්ත්වයක් ඇති වුවහොත් මැතිවරණය අවලංගු කිරිමට කටයුතු කරනු බවයි.