ලෝක ටෙනිස් සම්මේලන ශුරතා තරගාවලියේ පිරිමි කේවල අංශයේ ශුරතාව දිනා ගැනිමට ග්රීසියේ ස්ටෙෆානෝ සිට්සිපාස් සමත් වුණා.
මෙම ජයත් සමග ස්ටෙෆානෝ සිට්පාස් වාර්තා අතරට එක්වුණේ මෙම ශුරතාව දිනා ගත් ලොව ලබාලතම ක්රිඩකයා ලෙසයි. අවසන් මහා තරගය පැවැත්වුණේ ස්ටෙෆානෝ සිට්සිපාස් සහ ඩොමිනික් තීම් අතරයි. එහිදි තරගයේ පළමු වටය ලකුණු 07ට 06ක් ලෙස ජය ගැනිමට ඩොමිනික් තීම් සමත් වුණා. තරගයේ දෙවන සහ තුන්වන වට ලකුණු 06ට 02ක් සහ ලකුණු 07ට 06ක් ලෙස ජය ගත්තේ ස්ටෙෆානෝ සිට්සිපාස්ය. ඒ අනුව තරග වට 02ට 01ක් ලෙස ජය ගත් සිට්සිපාස් ලෝක ටෙනිස් සම්මේලන ශුරතා තරගාවලියේ ශුරතාව දිනා ගැනිමට සමත් වුණා.