ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම අද (16) පෙරවරු 7.00ට ආරම්භ විය. දිවයින පුරා මධ්‍යස්ථාන 12,845ක පස්වරු 5.00 දක්වා ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයන්ට අවස්ථාව ලැබෙන අතර උදෑසනම ඡන්ද පොළට ගොස් තම ඡන්දය භාවිතා කරන ලෙස මැතිවරණ කොමිසම ජනතාවගෙන් ඉල්ලයි.
ඡන්ද මධ්‍යස්ථාන අසළ ආරක්ෂාව තහවුරු කර ඇති අතර ඡන්ද දායකයින්ගෙන් ඡන්දය භාවිතා කිරීමෙන් අනතුරුව ඡන්ද මධ්‍යස්ථාන අසල රැඳී නොසිට, තම දෛනික කටයුතු සඳහා යොමු වන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මෙවර ජනාධිපතිවරණයට ඡන්ද ප්‍රකාශ කිරීමට 15,992,096 ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිති. ඡන්දය ගණන් කිරීමේ කටයුතු මධ්‍යස්ථාන 1355ක දී පැවැත්වෙන අතර, සවස 5.00න් පසු තැපැල් ඡන්ද ගණනය කිරීමත් සවස 6.00න් සෙසු ඡන්ද ගණනය කිරීමේ කටයුතුත් ආරම්භ කෙරන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.
ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයන් පිරිසක් සහභාගිවන ජනාධිපතිවරණය ලෙස ඉතිහාසයට ඒක් වන මෙවර ජනාධිපතිවරණයේ ජනාධිපති ධුර අපේක්ෂකයන් 35 දෙනකු තරග කරයි. මැතිවරණ ඉතිහාසයේ වැඩිම ඡන්ද මධ්‍යස්ථාන ප්‍රමාණය ඇත්තේ මෙවර වන අතර දිගම ඡන්ද පත්‍රිකාව ලෙස ඉතිහාස ගත වෙයි. ඡන්ද මධ්‍යස්ථාන අවට විශේෂ පොලිස් ආරක්ෂවක් සපයා ඇත. මෙවර ජනාධිපතිවරණය සඳහා දෙස් විදෙස් නිරීක්ෂණ කණ්ඩායම් රැසක් එක්ව සිටියි.