එංගලන්ත කණ්ඩායම එළඹෙන ශ්රී ලංකා තරග සංචාරයේ තරග කාලසටහන ප්රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව ලබන මාර්තු 03වනදා එංගලන්ත කණ්ඩායම දිවයිනට පැමිණිමට නියමිතයි.
දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය මාර්තු 19 වනදා ගාල්ලේදී ආරම්භ වීමට නියමිතයි. එම තරගාවලිය ලෝක ටෙස්ට් ශුරතාවලියට අයත් තරගාවලියක් ලෙසයි පැවැත්වෙන්නේ. එංගලන්ත කණ්ඩායම සහ ශ්රී ලංකා ක්රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර පැවැත්වෙන පුහුණු ටෙස්ට් තරගය මාර්තු හත්වනදා ආරම්භ වනවා.