පුංචි තිරයේ කලා මංගල්‍යය වන සුමති සම්මාන උලෙළේ දී ස්වාධීන රූපවාහිනියේ නිර්මාණ රැසක් සම්මානයට පාත්‍ර වුණා. මෙවර පැවැත්වුණේ 24 වන සුමති සම්මාන උලෙළයි.
මෙවර සුමති සම්මාන උලෙළේදී හොදම ටෙලිනාට්‍ය නැගී එන නළුවා ලෙස සම්මාන හිමිකර ගත්තේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ කූඹියෝ ටෙලිනාට්‍යයේ ප්‍රියන්තගේ චරිතය නිරීපනය කළ කළණ ගුණසේකරයි. ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ සහෝදරයා ටෙලි නාට්‍යයේ රගපෑ කලණි දොඩන්තැන්න හොදම ටෙලිනාට්‍ය නැගී එන නිළිය ලෙස සම්මානයට පාත්‍ර වුණා. හොදම රූපවාහිනී පූරක ලෙස එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ඉදිරිපත් කළ සිතාරා කළුආරච්චි සම්මානයට පාත්‍ර වූ අතර හොදම රූපවාහිනී සගරාමය වැඩසටහන වෙනුවෙන් ස්වාධීන රූපවාහිනියේ චන්දිමා ප්‍රේමරත්න සම්මානය හිමිකර ගත්තේ ඇය අධ්‍යක්ෂණය කළ උල්පත වැඩසටහන සදහායි. හොදම රූපවාහිනී ක්‍රීඩා වැඩසටහන ලෙස ස්වාධීන රූපවාහිනියේ චන්දන අල්මේදා නිෂ්පාදනය කළ අයිටීඑන් ෆල්සර් ඩෙයාර් වෙන්චර් වැඩසටහන සම්මානයට පාත්‍ර වුණා. පළමු කුසලතා සම්මානය කූඹියෝ ටෙලිනාට්‍යයේ හිරුණිකාගේ චරිතයට පන පෙවූ යුරේණි කෞෂිකාට හිමිවූ අතර දෙවන කුසලතා සම්මානයද ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ සංහිද ටෙලිනාට්‍යයේ රගපෑ දීපානි සිල්වාට හිමිවුණා.
හොදම රූපවාහිනී වැඩසටහන ලෙස සම්මාන දිනාගත්තේ හේෂාන් වසන්ත අධ්‍යක්ෂණය කළ නර්ථනයෙන් නිවාඩුවක් වැඩසටහනයි. මේ අතර ස්වාධීන රූපවාහිනියට තවත් සම්මානයක් හිමිවුණේ හොදම ග්‍රාෆික සජීවීකරණය වෙනුවෙනුයි. ඇත්පවුර වැඩසටහනේ ග්‍රාෆික සජීවිකරණය වෙනුවෙන් එරන්ද රූපසිංහ මෙහිදී සම්මාන දිනාගත්තා.
හොදම රූපවාහිනි කාලීන ප්රවෘත්ති වැඩසටහනේ දෙවන ස්ථානය ස්වාධීන රූපවාහිනියේ ඉන්දික වීරකෝන්ට හිමිවුණේ ඔහු ඉදිරිපත්කළ සංහිදියාවේ පාලම වැඩසටහන වෙනුවෙන්. හොදම ප්රවෘත්ති නිවේදිකා තුන්වන ස්ථානය ස්වාධීන රූපවාහිනියේ දිනුෂි ධීරසිංහට හිමිවුණා.
https://www.facebook.com/itnnews.lk/videos/928229104216149/