2019 ගාලු කතිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය කොළඹදි අද ආරම්භ වනවා. ගාලුමුවදොර හෝටලයේදී මෙවර පැවැත්වෙන සමුළුවට රටවල් 55ක සහ ජාත්‍යන්තර සංවිධාන 12ක මෙන්ම ආරක්ෂක ක්ෂේත්රයේ ආයතන 03ක දෙස් විදෙස් නියෝජිතයන් ඊට සහභාගී වන බවයි නාවික හමුදාව සඳහන් කළේ.
සමුද්‍රීය ආරක්ෂක විද්වතුන් රැසක් ද සම්මන්ත්‍රණයට එක්වනවා. නව චින්තනයකින් යුතුව අන්තර් සමුද්‍රීය තර්ජනයන් හට පිළියම් යෙදීම සඳහා සූදානම් වීම දශකයක සමාලෝචනය මෙවර තේමාවයි. රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය සහ නාවික හමුදාව එක්ව සංවිධාන කරන සාගරික සම්මන්ත්‍රණයේදී ජාත්‍යන්තර ආරක්ෂක අභියෝග පිළිබඳව ද සාකච්ඡා කෙරෙනවා. සම්මන්ත්‍රණය භෙටත් පැවැත්වෙන බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.