රාජ්‍ය සේවකයින් ආයතනයෙන් පිටතදී පමණක් දේශපාලනය කළ යුතු බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා මොබිටෙල් එක්ව විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් රන් පියාපත් නමින් සන්නිවේදනය පැකේජයක් හඳුන්වා දීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියාසිටියේ.
විශේෂ ගාස්තු ක්‍රමයක් යටතේ ක්‍රියාත්මක රන් පියාපත් සන්නිවේදන පැකේජය මගින් විදේශවල සේවය කරන ශ්‍රී ලාංකිකයින්ට පළමු මාසය තුළදී ශ්‍රී ලංකාවට මිනිත්තු 200 ක නොමිලේ ඇමතුම් ලබා ගැනීමට ඉඩ සැලෙසනවා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත 1989 අංකය ඔස්සේ ක්ෂණික ඇමතුම් නොමිලේ ලබා ගැනීමට ද මෙම පැකේජයෙන් හැකිවනවා. දෙවන මාසයේ සිට ද විශේෂ ප්රතිලාභ රැසක් හිමිවන බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ. වීඩියෝ ඇමතුම්, වොයිස් ඇමතුම්,කෙටි පණිවුඩ මෙන්ම තවත් පහසුකම් රැසක් මීට ඇතුළත්. මෙරට සිටින පවුල්වල සාමාජිකයින්ට ද නොමිලේ විනාඩි දහසක් හා එස් එම් එස් දහසක් මෙන්ම මෙගාබයිට් දහසක අන්තර්ජාල පහසුකම් පළමු මාසය තුළදී ලබාගත හැකි වනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/tEW4NYugAaU”]