ජම්බුගස්මුල්ල වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධියෙන් පුද්ගලයෙක් මියගොස් තවත් පුද්ගලයෙක් තුවාල ලැබුවා.
ඊට ආධාර අනුබල දුන් සැකකරු නුගේගොඩදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. ඔහුගෙන් ආරක්ෂක අංශ ප්‍රශ්න කර තිබෙනවා. එහිදී වෙඩි තැබීමට පැමිණි සැකකරුවන් පැළඳ ආ හිස් වැසුම් සොයා ගැනීමට හැකි වූ බවයි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.