ප්රංශ පාපැදි සවාරියේ විසි වන අදියරේ ප්රථම ස්ථානය දිනා ගැනිමට ඉතාලියේ වින්සෙන්සෝ නිබාලි සමත් වුණා.
අදියර 21කින් සමන්විත ප්රංශ පාපැදි සවාරියේ විසිවන අදියරේ සමස්ත දුර ප්රමාණය කිලෝමිටර 71ක්. එම දුර ප්රමාණය පැය 01යි මිනිත්තු 51යි තප්පර 53කින් අවසන් කළ ඉතාලියේ වින්සෙන්සෝ නිබාලි පළමු ස්ථානය දිනා ගත්තා. දෙවන ස්ථානය දිනා ගත්තේ ස්පාඤ්ඥයේ ඇලෙජැන්ඩ්රෝ වැල්වර්ඩ්. එම අදියරේ තුන්වන ස්ථානය ස්පාඤ්ඥයේ මයිකල් ලන්ඩා දිනා ගැනිමට සමත් වුනා. ප්රංශ පාපැදි සවාරියේ අදියර 20ක් අවසානයේ මේ වන විට පෙරමුණ ගෙන සිටින්නේ කොලොම්බියාවේ ඊගන් බර්නාල් .
.