වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ ලේකම්, මාධ්‍යවේදී තමීර මංජුල මහතා රචනා කළ රෙජිමයක රිදුම් සහ සෙල්ලම්ද සෙල්ලම් යන කෘති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වුනා. ඒ අරලියගහ මන්දිරයේ දීයි.
පසුගිය ජනාධිපතිවරණ සමයේ වියලුන පොළවේ සටන් ගීත යනුවෙන් ජනගත කල ගීත ඇතුලත්වයි රෙජිමයක රිදුම් කෘතිය රචනාකර තිබෙන්නේ. සෙල්ලම්ද සෙල්ලම් කෘතියට පසුබිම් වී ඇත්තේ ක්‍රීඩා මාධ්‍යවේදීයෙකු ලෙස තමීර මංජුල මහතා ලද අත්දැකිම්. පසුගිය පාලන සමයේ සිදුවිම් රැසක් රෙජිමයක රිදුම් ගීතාවලිය හරහා එලිදක්වා තිබෙනවා. එම කෘතිය දකුණු ආසියා සාහිත්‍ය උළෙලේදී ඇගයිමට ද ලක්වුනා. හතර සීමාවෙන් එහා ගිය ක්‍රිඩාවේ දේශපාලනය මෙන්ම 1996 ලෝක කුසලානයේ මෙතෙක් අනාවරණය නොවු කරුණු රැසක් සෙල්ලම්ද සෙල්ලම් කෘතියට ඇතුළත්. ක්‍රිකට් ක්‍රිඩාවේ දුෂණ වංචා හා මුදලට තරග පාවාදීම් පිළිබදව ද මෙම කෘතියෙන් හෙලිකර තිබෙනවා. 2018 සිල්ක් ස්පෝට්ස් සම්මාන උළෙලේදී හොදම කෘතියට හිමි සම්මානයද සෙල්ලම්ද සෙල්ලම් කෘතියට හිමිවුණා. වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ සභාපති අයිටීඑන් ප්රවෘත්ති සහ කාලින සිදුවීම් අංශයේ කළමනාකරු චතුරංග ද අල්විස් මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.