අයහපත් කාලගුණය හේතුවෙන් රූමස්සල කන්දේ ගැටුණු නෞකාවේ තිබූ ඉන්ධන ගොඩබිමට රැගෙන ඒමේ මෙහෙයුමක් ආරම්භ කෙරුණා.
නෞකාව රූමස්සල කන්දේ ගැටීමත් සමග එහි අඩංගු ඉන්දන ටොන් 15ක පමණ ප්‍රමාණයක් මුහුදට එක්වීමේ අවදානමක් හට ගත්තා. ඒ හේතුවෙන් එහි ඉන්දන ඉවත් කරන ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය අදාළ නැවේ සමාගමට නියෝග කළා. කෙසේ වෙතත් ඉන්දන ටොන් 15 ඉවත් කිරීම සදහා අයහපත් කාලගුණයෙන් බාධා එල්ලවී තිබෙනවා.