කැබිනට් කමිටු දෙකක් පත්කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තීරණය කර තිබෙනවා. ආර්ථික ප්‍රතිසංස්කරණ සහ විරැකියාව සඳහා විසඳුම් ලබාදීම මෙහි අරමුණයි.
ආයෝජන වැඩි කිරමින් නව රැකියා ස්ථාපිත කිරීමත් මෙහි අපේක්ෂාවකි. සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සමන්විත කමිටු දෙකේ සභාපතිවරයා වන්නේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි. මුදල් අමාත්‍යවරයා ඇතුලු කණ්ඩායමක් ඊට අයත්. විරැකියාව සඳහා විසඳුම් සෙවීමට දස දෙනෙකුගෙන් සමන්විත කැබිනට් කමිටුවක් පත්කර තිබෙනවා. නව රජයේ ප්‍රධාන ඉලක්කයක් ලෙසට ආර්ථික ප්‍රතිසංස්කරණ සලකන බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ. ජනතාවට සහන සැලසීම සඳහා ක්‍රමවේද හදුනවාදීමත් මූලික අපේක්ෂාවක්.