රාහුල් ගාන්ධි ඉන්දිය කොංග්රස් පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් වනවා. එහෙත් ඒ පිළිබද අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා සදහන් කළේ. කෙසේ වෙතත් අද (25) පස්වරුවේ පැවැත්වෙන කොංග්රස් පක්ෂ සාකච්ඡාවේදි රාහුල් ගාන්ධි පක්ෂ නායකත්වයෙන් ඉවත්විමේ ලිපිය භාරදිමට බොහෝ දුරට ඉඩ ඇතැයිද එන් ඩී ටී වී ප්රවෘත්ති සේවය පෙන්වා දෙනවා.
එහෙත් එය පිළි නොගැනීමට බොහෝ දුරට ඉඩ ඇතැයිද ඉන්දිය මාධ්‍ය වාර්තා කළා. ඉන්දිය කොංග්රස් පක්ෂ කි‍්‍රයාකාරි කමිටුවේ සාමාජිකයන් පනස් දෙදෙනෙකු අද (25) සාකච්ඡාවට සහභාගි වනවා. පක්ෂ මහ ලේකම් පි‍්‍රයංකා ගාන්ධි සෝනියා ගාන්ධි හිටපු අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං සහ ප්‍රාන්ත කිහිපයක ප්‍රධාන අමාත්‍යවරු ද සාකච්ඡාවට එක්වීමටයි නියමිත. සාකච්ඡාවේදි කොංග්රස් පක්ෂය ලැබූ පරාජය පිළිබද ඇගයිමක් ද සිදුකරන බවයි එන් ඩී ටී වී ප්රවෘත්ති සේවය වාර්තා කළේ.
මේ අතර භාරතිය ජනතා පක්ෂයේ විශේෂ සාකච්ඡාවක් ද අද (25) පැවැත්වෙනවා. ඒ නව කැබිනට් මණ්ඩලය පත් කිරිම සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට. 16 වන ලෝක් සභාව විසුරුවා