සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවති පස්වන සහ අවසන් එක්දින ක්රිකට් තරගය ජය ගැනිමට එංගලන්ත කණ්ඩායම සමත් වුනා. ඒ පාකිස්තාන කණ්ඩායම ලකුණු 54කින් පරාජයට පත්කරමින්.
ලීඩ්ස්හි පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුනු 351ක් රැස් කළා. ජෝයි රූට් ලකුණු 84යි. පන්දු යැවිමේදී පාකිස්තාන කන්ඩායමේ ශහින් අෆ්රිඩි කඩුලු 4ක් දවා ගත්තා. පිලිතුරු ඉනිම ක්රීඩා කළ පාකිස්තාන කන්ඩායම පන්දුවාර හතලිස් හයයි පන්දු පහක් අවසානයේ සියලු දෙනා දැවි ලබා ගත්තේ ලකුණු 297ක් පමණයි. පාකිස්තාන කණ්ඩායමේ පළමු කඩුලු 3 දැවි ගියේ ලකුණු 6ක්ව සටහන්ව තිබියදීයි. අනතුරුව සිව්වන කඩුල්ල වෙනුවෙන් සර්ෆරාස් අහ්මඩ් සහ බාබර් අසාම් අතර ලකුණු 146ක සබදතාවයක් ගොඩනැගුවත් එය පාකිස්තාන කණ්ඩායමේ ජයග්රහණය සඳහා ප්රමාණවත් වුයේ නැහැ. බාබර් ලකුණු 80ක් සහ සර්ෆරාස් ලකුණු 97 ක් ලබා ගත්තා. විශිෂ්ට පන්දු පන්දුයැවිමක නිරත වූ එංගලන්ත කණ්ඩායමේ ක්රිස් වෝක්ස් කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුණා. ඒ අනුව දෙරට අතර පැවති එක්දින ක්රිකට් තරගාවලිය තරග හතරට බින්දුවක් ලෙස ජය ගැනිමට එංගලන්ත කණ්ඩායම සමත් වුනා.