හලාවත ඇතුළු ප්‍රදේශ කිහිපයක ඊයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් ෆේස්බුක්, වට්ස්ඇප්, වයිබර් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා යළිත්වරක් තාවකාලිකව අවහිර කිරීමට රජය තීරණය කළා. ඊයේ හලාවත ඇතිවූ සිද්ධියට හේතුවූයේ ද ෆේස්බුක් සටහනක්.
සමාජ මාධ්‍ය වඩාත් වගකීමෙන් භාවිත කළයුතු බවයි රජය අවධාරණය කරන්නේ. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුවද බොහෝ දෙනෙකු සමාජ මාධ්‍ය වගකීම් විරහිතව භාවිත කිරීමත් සමග එය අවහිර කිරීමට රජයට සිදුවුණා. සමාජ මාධ්‍ය භාවිතයට තිබූ බාධාව ඉවත් කෙරුණේ එය වගකීමෙන් භාවිත කරනු ඇතැයි යන විශ්වාසයෙන් යුතුවයි. එහෙත් දිගින් දිගටම ඇතැමුන් සමාජ මාධ්‍ය වගකීම් විරහිතව භාවිත කිරීම හේතුවෙන් විවිධ ගැටලු මතුවුණා. ඊයේ හලාවත ප්‍ර දේශයේ ඇතිවූ නොසන්සුන්තාවට හේතු වූයේ ද ෆේස්බුක් සටහනක්. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමිනුයි සමාජ මාධ්‍ය යළිත් වරක් තාවකාලිකව අවහිර කිරීමට තීරණය කර ඇත්තේ. වගකීම් විරහිතව සමාජ මාධ්‍ය භාවිත කරන අයට එරෙහිව දැඩි පියවර ගන්නා බව ආරක්ෂක අංශ අවධාරණය කරනවා.
