මෙම දුෂ්කර අවස්ථාවේ සමස්ථ ජාත්‍යන්තර ප්‍රජාවම ශ්‍රී ලංකාව සමග සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරනවා.
එහි නියෝජ්‍ය මහලේකම්වරයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී මේ බව කියා සිටියා.
දිවයිනට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය මහලේකම් මිගෙල් ඇන්හෙල් මොරටිනෝස් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවුණා.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිය ශෝකය පල කරමින් නියෝජ්‍ය මහලේකම්වරයා මෙහිදී සදහන් කළේ ශ්‍රී ලංකාවට පූර්ණ සහාය ලබා දෙන බවයි.
තමාට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෞද්ගලිකව මුණගැසී මෙම ඛේදවාචකය සම්බන්ධයෙන් ශෝකය පල කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධාන මහලේකම්වරයා දැනුම් දුන් බවද නියෝජ්‍ය මහලේකම් මිගෙල් ඇන්හෙල් මොරටිනෝස් මහතා අග්‍රාමාත්‍යවරයා හමුවේ වැඩිදුරටත් කියා සිටියා.
ශ්‍රී ලංකාව ශක්තිමත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කැපවී සිටින බවද මෙහිදී අවධාරණය කෙරුනා.