රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් සමීපව කටයුතු කිරීම සදහා පාර්ලිමේන්තුව සහ අමාත්‍ය මණ්ඩලය අතර කැබිනට් ආරක්ෂක කමිටුවක් පිහිටුවීමට රජය තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන ආරක්ෂක මණ්ඩලය අවුරුදු 48 ක් පමණ පැරණි ආරක්ෂක යාන්ත්‍රණයක් බැවින් මෙම නව ආරක්ෂක කමිටුව හදුන්වාදීමටයි රජය තීරණය කර ඇත්තේ. එංගලන්තය ඉන්දියාව වැනි ජාතික ආරක්ෂාව අතින් ඉහළ තත්ත්වයේ පසුවන රටවල යෝජිත කැබිනට් ආරක්ෂිත කමිටුව ක්‍රියාත්මක වනවා. යෝජිත ආරක්ෂක කමිටුවේ ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා කටයුතු කරන අතර අග්‍රාමාත්‍යවරයා නීතිය හා සාමය මෙන්ම අභ්‍යන්තර කටයුතු පිළිබද කැබිනට් ඇමතිවරයා ප්රමුඛ ජාතික බුද්ධි අංශයේ ප්‍රධානීන්ගෙන් කැබිනට් ආරක්ෂක කමිටුව සමන්විතයි.
ඉදිරියේදී එම කමිටුවට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාද යෝජනා වී තිබෙනවා. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් රටේ ඇති වන ඇතැම් ගැටුළු සම්බන්ධයෙන් අවශ්‍ය පියවර විමසීම සදහා මුදල් අමාත්‍යවරයා, විදේශ කටයුතු අමාත්‍යවරයා මෙන්ම ස්වේදශ කටයුතු අමාත්‍යවරයා කැබිනට් ආරක්ෂක කමිටුව හමුවට කැදවීමට නියමිතයි.