මීගමුව – පෝරුතොට ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් මත්කුඩු තොගය සම්බන්ධයෙන් පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
හෙරොයින් මත්කුඩු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදි. සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරිම් වලින් හෙළිවු තොරතුරු මත නිට්ටඹුව තිහාරිය ප්‍රදේශයේ නිවසක කළ සෝදිසියකදි හෂීස් මත්ද්‍රව්‍ය හමුවුණා.
අත්අඩංගුවට පත්වූ සැකකරු පෝරුතොට ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බවයි මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සදහන් කළේ.