ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ නවතම ටෙස්ට් ක්‍රිකට් පිතිකරු ශ්‍රේණිගත දර්ශකයේ ස්ථාන පනස්අටකින් ඉදිරියට පැමිණිමට ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් ජනිත් පෙරේරා සමත්ව තිබෙනවා.
දකුණු අප්‍රිකාව සමග පැවති පළමු ටෙස්ට් තරගයේ කුසල් ජනිත් පෙරේරා දැක්වු දක්ෂතා හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත දර්ශකයේ 98 ස්ථානයේ පසු වු ඔහු මේ වන විට 40 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායෙම් දිමුත් කරුණාරත්න 10වන ස්ථානයේ රැදි සිටින අතර දිනෙෂ් චන්දිමාල් රැදි සිටින්නේ 27 වන ස්ථානයේයි. ඇන්ජලෝ මැතිව්ස් 17 වන ස්ථානය දක්වා පහල බැස තිබෙනවා. ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත දර්ශකයේ පළමුස්ථානයේ පසුවන්නේ ඉන්දිය ක්‍රිඩක විරාත් කෝලිය.