උසස් පෙළ විභාගයට පෙනීසිටින සිසුන් සඳහා අයදුම්පත් මේ වනවිට පාසල් වෙත යොමුකර තිබෙනවා.
ඊට අයදුම් කිරීමට ලබාදී ඇති කාලය දීර්ඝ නොකරන බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.
පාසල් අයදුම්කරුවන් සඳහා ලබන 25 වෙනිදා තෙක් ඒ සඳහා දින ලබාදී තිබෙනවා.
පෞද්ගලික අයදුම්කරුවන්ගේ අයදුම්පත් භාරගැනීම අවසන් වන්නේ මාර්තු මස පළමු වෙනිදා.
මෙවර විභාගය නව සහ පැරණි නිර්දේශ ලෙස ආකාර දෙකකින් පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ.