කතානායක කරූ ජයසූරිය මහතා අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොණු කෙරුණා. නීතිඥ අරුණ ලක්සිරි මහතායි පෙත්සම ගොණු කළේ.
පෙත්සම්කාර නීතිඥවරයා පවසා සිටියේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතිද්දී එනම් අතුරු තහනම් නියෝගයක් පමණක් නිකුත් කර තිබියදී පාර්ලිමේන්තුව කැදවීමට කටයුතු කිරීමෙන් එම නඩු කටයුතුවලට බලපෑමක් ඇති කිරීමට කතානායකවරයා කටයුතු කර ඇති බවයි. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 105 න් 3 ව්‍යවස්ථාව මත අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ කරු ජයසූරිය මහතාට එරෙහිව පියවර ගන්නා ලෙස පෙත්සම්කරු ඉල්ලා සිටිනවා. පසුගිය නොවැම්බර් 13 වනදා පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් පත්‍රය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. ඉන් අනතුරුව නොවැම්බර් මස 14 වනදා සිට පාර්ලිමේන්තුව කැදවීමට කථානායකවරයා ක්‍රියා කර ඇති බවට පෙත්සම්කරු චෝදනා කරනවා.