සාමාන්‍ය පෙළ විභාගයේ පැමිණිලි පිලිබද සොයා බැලීමට විමර්ෂණ කණ්ඩායම් යොදවන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. අධීක්ෂණ කණ්ඩායම් දිවයිනේ සෑම ප්රදේශයකටම පත්කිරිමටයි කටයුතු යොදා තිබෙන්නේ.
ලබන මස 3 වනදා සිට 12 වනදා තෙක් විභාගය පැවැත්වෙන මධ්‍යස්ථාන සංඛ්‍යාව 4661 ක්. අයදුම්කරුවන් හයලක්ෂ පනස්හය දහස් හයසිය හතලිස් එක් දෙනෙක් ඉදිරිපත්ව සිටිනවා. වංචා සිදුකරන අයදුම්කරුවන්ට වසර පහක් සදහා කිසිදු විභාගයකට පෙනී සිටිමට නොහැකි බවයි කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා පවසන්නේ. මෙවර විභාගයේ ප්‍රතිඑල ද අවලංගු කිරිමට පියවරගෙන තිබෙනවා. විද්‍යුත් උපකරණ මගින් සිදුකළ හැකි වංචා වැලැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්, කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළා.