සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී‍්‍ර ලංකාව අතර දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරඟය අදින් අවසන් වෙනවා.
තරඟය ජයගැනීම සඳහා ශ්‍රී‍්‍ර ලංකාවට කඩුලු 3 ක් අතැතිව අවශ්‍යව ඇති ලකුණු සංඛ්‍යාව 75 ක්. පළමු ඉනිමේදී එංගලන්තය ලකුණු 290 ක් රැස්කළා. පිළිතුරු ඉනිම කී‍්‍රඩාකළ ශ්‍රී‍්‍ර ලංකා කණ්ඩායම ලබාගත් ලකුණු සංඛ්‍යාව 336 ක්. පළමු ඉනිමේදී ලකුණු 46 ක් පිටුපසින් සිටි එංගලන්තය දෙවෙනි ඉනිම සඳහා ලකුණු 346 ක් ලබාගත්තා. ඒ අනුව තරඟය ජයගැනීම සඳහා ශ්‍රී‍්‍ර ලංකාවට හිමිවූ ඉලක්කය ලකුණු 301 ක්. ඊයේ තරඟය නිමා කරන විට ශ්‍රී‍්‍ර ලංකා පිල සිය දෙවෙනි ඉනිම සඳහා කඩුලු 7 කට ලකුණු 226 ක් ලබාසිටියා. තරඟය ජයගැනීමට ශ්‍රී‍්‍ර ලංකා කණ්ඩායමට හැකි බවට තවමත් බලාපොරොත්තු ඇතැයි ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශ කළා.
ශ්‍රී‍්‍ර ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර තුන්වන ටෙස්ට් කි‍්‍රකට් තරඟය කොළඹදී ලබන 23 වෙනිදා ආරම්භ වෙනවා.