අපනයනය ඉලක්ක කරගත් වැල්දොඩම් වගා කලාපයක් මොණරාගල පැල්වත්තේදී ආරම්භ කෙරුණා. අක්කර භාගය බැගින් අක්කර 35ක් ගොවීන් 75 දෙනෙක් අතර බෙදාදී වැල්දොඩම් වගාව සිදුකෙරෙනවා.
අවශ්‍ය පැළ, වතුර පොම්ප, ජී අයි බට සහ විසිරි ජල තාක්ෂණික උපකරණ ඇතුළු ලක්ෂ හතක් වටිනා කෘෂි උපකරණ කට්ටලය බැගින් ද ඔවුන්ට ලබාදී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ. වාර්ෂිකව අපේක්ෂිත ආදායම රුපියල් ලක්ෂ 7කි.