පාසල් ක්රිකට් සංගමය සංවිධාන කරන වයස අවුරුදු 13 න් පහළ ක්රිකට් තරගාවලියේ දෙවන වටයේ තරග මේ දිනවල පැවැත්වෙනවා.
වැල්ලවත්ත කුරේ ක්රීඩා පිටියේයි තරගාවලිය පැවැත්වෙන්නේ. කොළඹ ඉසිපතන විදුහල් කණ්ඩායම හා අම්බලන්ගොඩ කුලරත්න විදුහල් කණ්ඩායම අතර පැවති තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා. මෙම තරගයේ කාසියේ වාසිය දිනා ඉසිපතන විදුහල් කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි අම්බලන්ගොඩ කුලරත්න විදුහල පන්දුවාර 75 ක් අවසානයේදී කඩුළු 05 ක් දැවී ලබා ගත්තේ ලකුණු 123 ක් පමණයි. ඉසිපතන විදුහල පන්දුවාර 12 කදී කඩුළු දෙකක් දැවී ලකුණු 11 ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා. මේ අනුව තරගය අතහැර දැමීමටයි විනිසුරුවන් තීරණය කළේ.