තමන් සම්බන්ධයෙන් පැතිර යන කටකතාවලට නොරැවටෙන්නැයි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
සැමට සෙවන ජංගම මෙහෙවර වැඩසටහන යටතේ වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමසේවා වසම් 53ක ජනතාවට රුපියල් ලක්ෂ 110ක වටිනාකමින් යුත් ප්රතිලාභ බෙදාදීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා. ලක්ෂ 550ක වියදමින් ඉදිකළ වලස්මුල්ල නව බස්නැවතුම්පොළ ද මීට සමගාමීව ජනතා අයිතියට පත් කෙරුණා. තවත් ප්‍රජාසේවා රැසක් පැවති අතර රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/i_GFijRUHMY”]
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස හා උපනායක අමාත්‍ය රවීකරුණානායක යන මහත්වරුන් අතර මතගැටුමක් නිර්මාණය කිරීමට ඇතැම් පාර්ශ්ව දරන උත්සාහයට කඩිනම් පියවරක් ගන්නා ලෙස ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රිවරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ අනුව මෙම තත්ත්වය මැඩ පැවැත්වීමට කඩිනම් පියවරක් ගන්නා බව අග්‍රාමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රිවරුන්ට දැනුම් දී තිබෙනවා.