තමිල්නාඩුවේ මෝටර් රථයක් ඇලකට පෙරළීමෙන් සිදු වු අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
තමිල්නාඩුවේ කෙඩිමෙඩු ඇලටයි මෙම මෝටර් රථය පෙරළි තිබෙන්නේ. එම අනතුරින් එකම පවුලේ 6 දෙනෙකු ජිවිතක්ෂයට පත් වි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අනතුර ඇසින් දුටු පිරිස සදහන් කරන්නේ රියදුරු අධික වේගයෙන් මෝටර් රථය ධාවනය කර ඇති බවත් රියදුරුට මෝටර් රථයේ පාලනය ගිලිහී යාමෙන් අනතුරු සිදු වූ බවයි. ඉන්දීයාවේ රථවාහන අනතුරු ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. රිය ධාවනයට සුදුසු මට්ටමට මාර්ග නොතිබීම ඇතුළු හේතු රැසක් මේ සදහා බලපා ඇති බවයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන්නේ.