චෙන්නායි සිට පැමිණි පුද්ගලයෙකු සිය ගමන්මල්ලේ සූක්ෂම ලෙස සඟවාගෙන ආ රන්බිස්කට් 3 ක් කටුණායක රේගු නිලධාරීන් අත්අඩංගුවට ගත්තා.
එම රන් බිස්කට්වල බර ග්‍රෑම් 233 පමණ වන අතර ඒවායෙහි වටිනාකම රුපියල් ලක්ෂ විසිපහකට ආසන්න බවයි කටුණායක ගුවන්තොටුපොල නියෝජ්‍ය රේගු අධ්යක්ෂ විපුල මිනුවන්පිටිය මහතා පවසන්නේ. ගල්ගමුවේ පදිංචි වයස අවුරුදු 37 ක පුද්ගලයෙකුයි මෙසේ අත්අඩංගුවට ගැණුනේ. රන් බිස්කට් රැගෙන ආ පුද්ගලයාට රුපියල් පනස්දහසක දඩයක් නියම කෙරුණු අතර රන් බිස්කට් තුන රාජසන්තක කෙරුණා.