Update: ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත් දෙනා විශේෂ මහාධිකරණය මගින් අද ඇප මත මුදා හැරියා. එම විශේෂ මහාධිකරණයේ විභාගයට ගැණුනු දෙවන නඩුව මෙයයි. මෙහිදී විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකරුවන් හත් දෙනාගේ විදේශ ගමන් තහනම් කිරීමට නියෝග කළා.මෙම නඩුව යළි ඔක්තොම්බර් 09 වෙනිදා කැදවීමට නියමිතයි.
ගෝඨාභය විශේෂ මහාධිකරණය හමුවට
ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත් දෙනෙකුට එරෙහි නඩුව විශේෂ මහාධිකරණයේ දී මේ වන විට විභාගයට ගැනෙවා.
ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් රුපියල් මිලියන 48 ක් සාවද්‍ය පරිහරණය කළ බවට ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන්ට චෝදනා එල්ලවී තිබෙනවා. මෙය ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විභාගවන දෙවන නඩුවයි. හර්ෂාන් ද සිල්වා , කේමින්ද ආටිගල , ඒබ්‍රහම් ගලප්පත්ති , භද්‍රා උදුලාවතී ,මහින්ද සාගල සහ මල්ලිකා කුමාරි සේනාධීර යන අය මෙහි සෙසු විත්තිකරුවන් වනවා. සාපරාධී විශ්වාසය කඩ කිරීම , කුමන්ත්‍රණය , ඊට අනුබල දීම ආදී චෝදනා යටතේ මොවුන්ට අධි චෝදනා ගොනුකර තිබෙනවා. එම අධිචෝදනාවලට අදාළ ලේඛන ඇතුළු නඩු භාණ්ඩ 105ක් සහ විගණන වාර්තාවක් නීතිපතිවරයා ඇතුළත්කර තිබෙනවා. මේ සදහා සාක්ෂිකරුවන් 80 දෙනෙකු ද නම්කර තිබෙනවා.