ඉන්දියාවේ පුල්වාමා ප්‍රදේශයට එල්ලවු ප්‍රහාරය පිළිබදව කණගාටුව පළකරන බව පාකිස්ථානය ප්‍රකාශ කළා.
රජය ඇතුලු සියලු ජනතාව ත්‍රස්ත කි‍්‍රයා හෙළා දකින බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නෙ. ශ්‍රී‍්‍ර නගර් ප්‍රදේශයට ආසන්න ජම්මු කාශ්මීර දේශසීමාවේ රැඳී සිටි ඉන්දීය හමුදා සෙබලුන් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල වුණා. ඉන් හමුදා සාමාජිකයන් 40 දෙනෙකු මියගොස් තිබෙනවා. ඇතැම් මාධ්‍ය මගින් පාකිස්ථානයට එල්ල කර තිබු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවද පාකිස්ථාන රජය සදහන් කළා.