නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විශේෂ පුහුණු සැසියකට අද (20) එක්වුණා.
දෙරට අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා. වෙලින්ටන් හි පැවති තරගයේ අවසන් දිනයට වර්ෂාවෙන් බාධා එල්ලවුණා. මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන ඉණිමේ දී වාර්තාගත සබදතාවක් පිහිටුවීමට කුසල් මෙන්ඩිස් සහ ඇන්ජලෝ මැතිව්ස් සමත් වුණා. ඒ දින තුනක් කඩුල්ලේ නොදැවී රැදී සිටිමින්. දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රයිස්චර්ච් හිදී ලබන 26 වනදා ආරම්භවීමට නියමිතයි.
පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ලහිරු කුමාරට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තරග මුදලින් සියයට 15 ක දඩ මුදලක් නියම කළා. ඒ පන්දු යවමින් සිටියදී පිතිකරුවන් සමග ආවේගශීලී ලෙස හැසිරීම හේතුවෙන්. දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම හොද මානසිකත්වයකින් හා ශරීර යෝග්‍යතාවයකින් පසුවන බව වාර්තා වනවා.