රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව ඉටුකම COVID -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 5ක් පරිත්‍යාග කරයි.
අදාළ චෙක්පත ඊයේ (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ වැඩබලන සාමාන්‍යාධිකාරී, ප්‍රධාන විධායක නිලධාරී ලුෂාන්ත රණසිංහ මහතා විසින් ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා වෙත භාරදෙනු ලැබිණ.
රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
