කොරෝනා ව්‍යාප්තිය අනුව ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ , ගම්පහ , කළුතර , පුත්තලම , මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික් හැර සෙසු දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරිනීතිය හෙට පෙරවරු 6 ට තාවකාලිකව ඉවත් කෙරෙනවා.
හෙට පෙරවරු 6 ට ලිහිල් කිරීමට නියමිත එම දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය එදිනම පස්වරු 4ට නැවත පැනවීමට නියමිතයි. කොරෝනා වෛරසය ව්‍යාප්තවීමත් සමඟ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ඇඳිරිනීතිය පැනවීමට රජය කටයුතු කළා.
මේ අතර ඇඳිරිනීතිය කඩ කිරීම සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 28159 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වාහන සංඛ්‍යාව 7105 ක්. ඇඳිරිනීති සමයේදී රාජකාරී හැදුනුම්පත් හා පොදු දේපල අවභාවිත කළ හොත් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=v1SQSHK64qQ&feature=youtu.be&fbclid=IwAR2j0BEN6mbhRBPIc0Gj-mYRh9VEdbePdjovsiFV0VxJgG0zgAalCPtV9kQ”]