දකුණු අප්රිකාව සමග පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි විස්ස ක්රිකට් තරගය සදහා ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් ශ්රීලංකා සංචිතය නම් කර තිබෙනවා. එක්දින කණ්ඩායමේ ක්රීඩා කළ ක්රීඩකයින් තුන්දෙනෙකුට මෙම සංචිතයේ අවස්ථාව අහිමිවිම කැපී පෙනෙනවා. ප්රභාත් ජයසූරිය, නිරෝෂන් දික්වැල්ල හා කසුන් රජිත එලෙස සංචිතයෙන් ඉවත් වූ ක්රීඩකයින්.
සංචිතයට එක් කර ඇත්තේ දිනේෂ් චන්දිමාල්, ජෙෆ්රි වැන්ඩර්සි හා නවක ක්රීඩක බිනුර ප්රනාන්දුයි. මේ අතර පන්දුවාර විස්සයි විස්ස තරගයට පසුගිය කාලයේ විවිධ තරගාවලිවලදී දක්ෂතා දැක් වූ හිටපු නායක ලසිත් මාලිංගට අවස්ථාව ලබා දෙන බව ශ්රී ලංකා වැඩබලන ප්රධාන ක්රිකට් පුහුණුකරු තිලාන් සමරවීර මහතා පසුගියදා පැවසුවා. එහෙත් මෙම තරගයේදීද ඔහුට කණ්ඩායමේ අවස්ථාවක් හිමි නොවීම කැපී පෙනෙනවා.