බෞද්ධ පුනරුද අරමුදල යටතේ විහාරස්ථාන 36 ක් සංවර්ධනය වෙනුවෙන් මූල්‍යාධාර පිරිනැමීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඒ ජනාධිපති කාර්යාලයේදීයී.
දුරබැහැර ප්‍රදේශවල අඩුපහසුකම් සහිත විහාරස්ථාන සංවර්ධනය වෙනුවෙන් ජනාධිපතිතුමාගේ මගපෙන්වීම අනුවයි බෞද්ධ පුනරුද අරමුදල ක්‍රියාත්මක වන්නේ. 2016 වසරේදී ආරම්භ කළ මෙම වැඩසටහන යටතේ දිවයින පුරා විහාරස්ථාන විශාල සංඛ්‍යාවකට රුපියල් මිලියන 600 කට ආසන්න මුදලක් මේ වන විට පිරිනමා තිබෙනවා.
ත්‍රිවිද හමුදාවේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු සහාය සහ ශ්‍රම දායකත්වයෙන් විහාරස්ථාන රැසක් සංවර්ධනය කිරීමට මෙමගින් හැකියාව ලැබුණා. ඉඩම් ගැටළු සහිත විහාරස්ථාන සදහා පූජා ඔප්පු පිරිනැමීමටද කටයුතු කර තිබෙනවා.