ජාතික රණවිරු සැමරුම් උළෙට සමගාමිව සටනේදී දිවි පිදු නාවික රණවිරුවන් සිහිපත් කිරීම සහ පුෂ්පෝහාර දැක්විම නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනා. ඒ වැලිසර පිහිටි රණවිරු ස්මාරකය අභියදීයි.
නාවික හමුදාපතිවරයා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝහාර දක්වා සිය ආචාරය පුද කිරිම සිදු කෙරුණා. ඉන් අනතුරුව විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වා මාතෘ භූමියේ නිදහස හා භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් සිය ජීවිත පරිත්‍යාග කරන ලද නාවික රණවිරුන්ට ආචාරය පුද කිරීමට කටයුතු කළා. මෙම අවස්ථාවට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි සහ අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් නිරාජ ආටිගල යන මහත්වරුන් ඇතුළු නිළධාරින් පිරිසක් එක්ව සිටියා. සටනේදී මිය ගිය සහ අතුරුදන් වූ රණවිරු පවුල්වල සමාජික සාමාජිකාවන් මෙන්ම සිවිල් ජනතාව විශාල පිරිසක් සභභාගි වි සිටියා.