යුදෙව් විරෝධීන්ට එරෙහිව ප්‍රංශය පුරා දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භකර තිබෙනවා.
ප්‍රංශයේ පැරිස් අගනුවර ඇතුළු නගර රැසක මෙම විරෝධතා ආරම්භවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ සදහා දේශපාලන පක්ෂ රැසක සහාය හිමිවී තිබෙනවා.
ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරුන් වන ප්රංශුවා හෝලන්ඩේ සහ නිකලොස් සාකෝසි විරෝධතා සදහා එක්ව සිටින බවයි වාර්තා වන්නේ. පසුගිය දින කිහිපයේදී යුදෙව් විරෝධීන්ගෙන් එල්ල වුණු ප්‍රහාර කිහිපයක් හේතුවෙන් මෙලෙස විරෝධතා ආරම්භ කෙරුණා.