ගුරු විදුහල්පති සේවයන්හි වැටුප් විෂමතාවක් නැතැයි පවසමින් ගුරු බලය සංවිධානයට ලිපියක් යැවූ ගුරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියගෙන් ඒ සම්බන්ධයෙන් කරුණු විමසන ලෙස අමාත්‍යාංශ ලේකම්වරියට දැනුම් දුන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළා.
අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන් ඇයට එවැනි ලිපියක් ලිවීමට හැකියාවක් නැති බවයි ඔහු සඳහන් කළේ.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.