ජපාන හෙලිකොප්ටර් අනතුරෙන් අතුරුදන්වූවන් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.
සෙනසුරාදා රාත්‍රියේ ජපානයට අයත් හෙලිකොප්ටර් යානා දෙකක් කඩා වැටීමෙන් අනතුරක් සිදු වුණා.
මේ වන විට ජපාන නාවික හමුදාව සිය කාර්ය මණ්ඩලයේ අතුරුදන් හත් දෙනෙකු සෙවීම සඳහා පැසිෆික් සාගරයේ මෙහෙයුම් දිගටම සිදු කරමින් සිටිනවා.
සහන කණ්ඩායම් මේ වන විට එක් මළ සිරුරක් සොයාගෙන ඇති අතර කළු පෙට්ටි හා යානා වල සුන්බුන් කොටස් සොයා ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා එරට පාර්ලිමේන්තුවේදී ශෝකය පළ කළා.
ටෝකියෝ නුවරට කිලෝමීටර් 600ක් දකුණින් පිහිටි ඉසු දූපත් අසල සිදුවූ මෙම අනතුරට හේතුව කුමක්ද යන්න තවමත් පැහැදිලි නැහැ.
ගුවන් යානා දෙකෙන්ම ලබාගත් පියාසැරි රෙකෝඩරවල තාක්ෂණික දෝෂ අනාවරණය වී නොමැති බව ජපාන ආරක්ෂක අමාත්‍ය මිනෝරු කිහාරා පැවසුවා.