පාකිස්තානයට ඇදහැලෙන අධික වර්ෂාව හා අකුණු අනතුරු හේතුවෙන් පුද්ගලයින් 50 දෙනෙකුට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
වගා බිම්වල අස්වනු නෙළමින් සිටි ගොවීන් කිහිප දෙනෙකු අකුණු අනතුරු හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවද සදහන්.
අධික වර්ෂාවත් සමග ගංවතුර හා නායයාම් සිදුව ඇති බවයි වාර්තා වන්නේ. විදුලිය බිදවැටීම් සිදුව ඇති අතර ප්‍රවාහන සේවාවන්ට බාධා එල්ලවී තිබෙනවා.