ස්පාඤ්ඤයේ උෂ්ණත්වය ඉහළ යාමත් සමග ලැව්ගිනි පැතිරයාම වේගවත් වී ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.
නැගෙනහිර ස්පාඤ්ඤයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 ඉක්මවා ඇති බවයි එරට කාලගුණ අංශ නිවේදනය කරන්නේ.
ලැව්ගිනි හේතුවෙන් අක්කර 1,200කට අධික භූමි ප්‍රමාණයක් සම්පූර්ණයෙන් විනාශයට පත්ව තිබෙනවා.
අධික සුළං තත්ත්වයත් සමග ලැව්ගිනි පැතිරයාම වේගවත් වී ඇති බවයි ගිනි නිවන අංශ සදහන් කරන්නේ.
වසරේ මෙම කාලයේ දී උෂ්ණත්වය මෙතරම් ඉහළ අගයකට පැමිණීම අසාමන්‍ය තත්ත්වයක් බවද ඔවුන් සඳහන් කරනවා.
පුද්ගලයින් 180 දෙනෙකු පමණ ආරක්ෂිත ස්ථාන කරා යොමුකිරීමටයි පියවර ගෙන ඇත්තේ.
2022 වසරේදී මේ ආකාරයට හටගත් ලැව්ගිනි හේතුවෙන් ස්පාඤ්ඤයේ අක්කර ලක්ෂ 3කට අධික භූමි ප්‍රමාණයක් ගින්නෙන් විනාශයට පත්වුණා.