පසුගියදා රුසියාවේ මොස්කව් අගනුවර ප්‍රසංග ශාලාව ඉලක්ක කර ගනිමින් එල්ලවූ ප්‍රහාරයට ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම් සම්බන්ධ බව රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසනවා.
පසුගිය සෙනසුරාදා ප්‍රහාරය එල්ල වීමෙන් පසු පළමුවරටයි රුසියා ජනාධිපතිවරයා ඉස්ලාමීය අන්තවාදී ප්‍රහාරවලට සම්බන්ධ බවට ප්‍රකාශයක් සිදුකළේ.
එමෙන්ම ප්‍රහාරය සදහා යුක්රේනය ද කිසියම් ආකාරයකින් සම්බන්ධ වී ඇති බවට පුටින් ජනාධිපතිවරයා චෝදනා කරනවා.
ප්‍රහාරය සිදු කිරීමෙන් පසු ත්‍රස්තයින් යුක්රේනයට පලායාමට උත්සහ කළේ කුමන හේතුවක් මතදැයි රුසියා ජනාධිපතිවරයා ප්‍රශ්න කරනවා.
එහිදී ත්‍රස්තයින්ට රැකවරණය ලබා දීමට කටයුතු කරන්නේ කවුරුන්ද යන්න ව්ලැදිමීර් පුටින් ජාත්‍යන්තරයෙන් විමසනවා.
මොස්කව් ප්‍රසංග ශාලාවට එල්ලවූ ප්‍රහාරයෙන් පුද්ගලයින් 137 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
ප්‍රහාරය සිදුකළ ප්‍රධාන තුවක්කුකරුවන් 4 දෙනා ඇතුළු 11 දෙනෙකු ප්‍රහාරය සිදුකළ දිනයේදීම අත්අඩංගුවට ගැනීමටයි රුසියා ආරක්ෂක අංශ සමත්වුණේ.
ප්‍රධාන තුවක්කුකරුවන් 4 දෙනාට අධිචෝදනා ගොනුකර ඇති අතර ඊයේ දිනයේ දී අධිකරණයට ඉදිරිපත් කෙරුණා.